Road Design with Civil 3D (සිංහල)

සිංහලෙන් Civil 3D ඉගෙන ගමු

Ratings 0.00 / 5.00
Road Design with Civil 3D (සිංහල)

What You Will Learn!

  • AutoCAD Civil 3D මෘදුකාංගය සමඟ මාර්ගයක් සැලසුම් කරන්නේ කෙසේද?
  • ආධුනිකයන්ට මෙන්ම අතරමැදි පරිශීලකයින්ටද Civil 3D මෘදුකාංග සමඟ මාර්ග සැලසුම් කිරීම පිළිබඳ පැහැදිලි අවබෝධයක් ලබා ගත හැකිය.
  • හොඳ ඉංජිනේරුමය අවබෝධයක් සහිත සරල ඉගෙනුම් ක්‍රමයක් භාවිතා කෙරේ.
  • වඩාත් ගැඹුරු ව්‍යාපෘති කීරීම සඳහා හොඳ අඩිතාලමක් මෙම පාඨමාලාව හැදෑරීමෙන් ලබාගත හැක.

Description

මෙම පාඨමාලාවේදී,  CIVIL 3D මෘදුකාංගය සමඟ මාර්ගයක් සැලසුම් කරන්නේ කෙසේදැයි ඉගෙන ගනු ඇත. අපි මෙය ආරම්භයේ සිට අවසානය දක්වා පාඩම් ව්‍යාපෘතියක් ලෙස කරන්නෙමු.


අපි භාවිතා කරන මෘදුකාංග අනුවාදය (version) Civil 3D 2020 වේ. කෙසේ වුවද ඔබට Civil 3D 2018 සිට Civil 3D 2024 දක්වා ඕනෑම අනුවාදයක් භාවිතා කල හැක.


මෙම පාඨමාලාව කිරීමට පෙර ඔබට AutoCAD මූලික කරුණු පිළිබඳ යම් අවබෝධයක් තිබේ නම් එය වාසියක් වනු ඇත. මෙම පාඨමාලාව අධිවේගී මාර්ග ඉංජිනේරු පසුබිමකට සම්බන්ධව නිර්මාණය කර ඇත. එබැවින් ඉංජිනේරුවන් හෝ ඉංජිනේරු සිසුන්ට අධිවේගී මාර්ග සැලසුම් ඉංජිනේරුවෙකු ලෙස තම වෘත්තිය ආරම්භ කිරීමට මෙය ඉතා ප්‍රයෝජනවත් වනු ඇත.


ව්‍යාපෘතියේ පරමාර්ථය වන්නේ පැයට කිලෝමීටර 50 ක සැලසුම් වේගයක් සහිත මංතීරු දෙකක මාර්ගයක්, නගරයක් හරහා කාර්මික කලාපයකට සම්බන්ධ කිරීමයි.


අපි නිර්මාණ කරන විට සැලසුම් යොමුව (Design Guideline) ලෙස AASHTO 2011 සැලසුම් මාර්ගෝපදේශ භාවිතා කරන්නෙමු.

මෙහිදී පහත කොටස් වලට අනුරූපව පාඨමාලාව දිග හැරෙනු ඇත.


1. Introduction - Road Design With AutoCAD Civil 3D

2. Understanding AutoCAD Civil 3D Interface

3. Understand Civil 3D Object Styles, Label styles, and Label Sets

4. Open New Drawing with Civil 3D

5. Import Points into Civil 3D

6. Set External Reference for AutoCAD drawings

7. Create Surface from Points

8. Add Surface Boundary to Civil 3D Surface

9. Add Breaklines to Surface to Civil 3D Surface

10. Export Civil 3D Surface to LandXML

11. Open New Civil 3D Template drawing and Import LandXML Surface into Civil 3D

12. Create Alignment in Civil 3D

13. Create Road Layout in drawing

14. Create Surface Profile and Profile View

15. Add Superelevation to Alignment

16. Create Final Road Profile

17. Set the data bands for Profile View

18. Create Assemblies

19. Create Corridor

20. Target Mapping

21. Split Corridor

22. Create Corridor Surfaces

23. Create Sample Lines and Section Views

24. Calculate Material Quantities

Who Should Attend!

  • Engineers, Engineering Students, Draftsman, CAD Engineers

TAKE THIS COURSE

Tags

Subscribers

1

Lectures

26

TAKE THIS COURSE